Thursday, March 31, 2016

213 Mama Raja Puthraya Wemi Oba Mata Kumak Karanna da

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

212 SanghaBheda Suthraya

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

211 Dan Dena Aya saha Thawath Aya

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

 

Thursday, March 10, 2016

Me Poyata Sil Gannata

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට             එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ තැනට     යන්න
බුදු හිමියන් දෙසූ දහම හරිහැටි               දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන         මෙන්න
                                    
2016 මාර්තු මස 22 දිනට යෙදෙන මැදින් පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන මැදින් පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
පුන් පෝ දින 
පෙරවරු 6.00 6.30   ශීල සමාදානය                     
          6.30 7.00   බුද්ධ පූජාව,
          8.00 9.00   ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          9.00 10.00   භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          10.30 11.00   බුද්ධ පූජාව
පස්වරු  12.15  2.00   ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          2.00 2.30   ශීල ආවර්ජනය,
          2.30 3.30   භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          4.00 5.00   ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          5.15 6.00   භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          6.30 7.00   බුද්ධ පූජාව,
          7.30 8.30   ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          8.30 9.30   භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින
පෙරවරු. 5.00 5.30   භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          6.00        සිල් පවාරණය                      .
පෙරවරු  8.00 10.00 භාවනා වැඩසටහන

Wednesday, March 9, 2016

MEDIN POYA PINKAM MARCH 2016

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
පුන් පොහොය වැඩසටහන
2016 මැදින් පුන් පෝ දා

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන 2016 මාර්තු මස 22 දිනට යෙදෙන මැදින් පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම මැදින් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙවර පොහොය වැඩසටහනේ විශේෂත්ව වනුයේ බුදුරජාණන් වහන්සේගේ සම්මාසම්බුද්ධ ගුණ විස්තරාත්මක මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
සදහම් සෙවණ භාවනා වැඩසටහන
2016 මාර්තු මස 23
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී
2016 මාර්තු මස 23වැනි දා, එනම් මැදින් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.