අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
සදහම් සෙවණ පොහොය වැඩසටහන
2015 වෙසක් පුන් පෝ දා
2015 වෙසක් පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණේ දී
දින දෙකක් පුරා
අනුරාධපුර සදහම් සෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන 2015 මැයි මස 03 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දින සහ පසු දින අනුරාධපුර වේලුවනගම අංක 38හි පිහිටි අනුරාධපුර සදහම්
සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී දින දෙකක් පුරා පැවැත්වේ.
2015 මැයි මස 03 දින පෙරවරු 6.00ට ඇරැඹී 05 දින
පෙරවරු 6.00ට අවසන් වන මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට
ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩසටහනට
සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය
සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ
සටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ
දහම්
පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සිවුවැනි අදියර වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී ඇරැඹෙයි. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා
මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල
පොත් පිරිනමනු ලැබේ.
පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා
විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන
පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහ
භාවනා වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර
සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
සදහම් සෙවණ භාවනා වැඩසටහන
2015 මැයි මස 05වැනි දා
2015 මැයි මස 05වැනි දා
අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී
පුන් පොහෝ දිනයට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි
විහාරස්ථානයේ දී පැවැත්වුණු භාවනා
වැඩසටහන මෙම 2015 මැයි මස 05වැනි
දා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට
ද කටයුතු යොදා ඇත.
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
No comments:
Post a Comment