Saturday, June 20, 2015

Me Poyata Sil Gannata

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට             එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ තැනට     යන්න
බුදු හිමියන් දෙසූ දහම හරිහැටි              දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන         මෙන්න 
   
2015 ජූලි මස 01 දිනට යෙදෙන අධිඇසළ පුන් පොහෝ දින අනුරාධපුර, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන 2015 අධිඇසළ පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
පුන් පෝ දින 
පෙරවරු 6.00 6.30 ශීල සමාදානය                     
          6.30 7.00 බුද්ධ පූජාව,
          8.00 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          9.00 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
         10.30 11.00 බුද්ධ පූජාව  
පස්වරු  12.15  1.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
1.00 2.00  අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ සටහන මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සයවැනි අදියර ඇරැඹීම,
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනැමීම,
2.00 2.30 ශීල ආවර්ජනය,
          2.30 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          4.00 5.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          5.15 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          6.30 7.00 බුද්ධ පූජාව,
          7.30 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          8.30 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින
පෙරවරු. 5.00 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          6.00     සිල් පවාරණය.
පෙරවරු  8.00 10.00 භාවනා වැඩසටහන

Tuesday, June 16, 2015

ADHI ESALA POYA WEDASATAHANA-SADAHAM SEWANA-Anuradhapura 2015


අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ

පුන් පොහොය වැඩසටහන
2015 අධිඇසළ පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණ අධිඇසළ පුන් පොහොය වැඩසටහන 2015 ජූලි මස 01 දිනට යෙදෙන අධිඇසළ පුන් පොහෝ දින අනුරාධපුර වේලුවනගම අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම අධිඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ සටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙ‍ළේ සයවැනි අදියර අධිඇසළ පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී ඇරැඹෙයි. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ.
මෙම 2015 ජූලි මස 02වැනි දා, එනම් අධිඇසළ පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනසහ භාවනා වැඩසටහන සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.