අනුරාධපුර සදහම්
සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
පුන් පොහොය වැඩසටහන
2015 අධිඇසළ පුන් පෝ දා
2015 අධිඇසළ පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණ අධිඇසළ පුන් පොහොය වැඩසටහන 2015 ජූලි මස 01 දිනට
යෙදෙන අධිඇසළ පුන් පොහෝ දින අනුරාධපුර වේලුවනගම අංක 38හි පිහිටි
අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම අධිඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද
ඇතුළත් වේ.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා
ද බෙදා දෙනු ලැබේ.
අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ සටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම්
පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සයවැනි අදියර අධිඇසළ පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී ඇරැඹෙයි. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම්
පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක්
වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ.
මෙම 2015 ජූලි මස 02වැනි දා, එනම් අධිඇසළ පුන් පොහොය
දිනට පසු දින අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී
භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 8.00 සිට පෙරවරු
10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන
පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක
මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහ භාවනා වැඩසටහනට සහභාගි
වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
No comments:
Post a Comment