අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල
කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
පුන් පොහොය වැඩසටහන
2015 උඳුවප් පුන් පෝ දා
2015 උඳුවප් පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණ උඳුවප් පුන්
පොහොය වැඩසටහන 2015 දෙසැම්බර් මස 24 දිනට යෙදෙන උඳුවප් පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම අංක 38හි
පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම උඳුවප් පුන්
පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද
ඇතුළත් වේ.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට
ත්‍රිපිටකය සහ ත්‍රිපිටක
අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු
ලැබේ.
පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන
පින්වතුනට උපෝසථ ශීලය
රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ
උපදෙස්
පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි
ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
සදහම් සෙවණ භාවනා වැඩසටහන
2015 දෙසැම්බර් මස 25වැනි දා
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී
2015 දෙසැම්බර් මස 25වැනි දා, එනම් උඳුවප් පුන් පොහොය
දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා
වැඩසටහනක් පැවැත්වීමට
ද කටයුතු යොදා ඇත.
භාවනා වැඩසටහන මෙහෙයවනු
ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. රෝහිත විජයතිලක මහතා විසිනි.
No comments:
Post a Comment