අනුරාධපුර සදහම්
සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
පුන් පොහොය
වැඩසටහන
2016 නවම් පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන 2016 පෙබරවාරි මස 22 දිනට
යෙදෙන නවම් පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී පෙරවරු
6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම නවම් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා,
භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙවර පොහොය වැඩසටහනේ විශේෂත්වය වනුයේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය විස්තරාත්මක
ව මෙනෙහි කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා
ද බෙදා දෙනු ලැබේ.
පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ
ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන
අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
සදහම් සෙවණ භාවනා වැඩසටහන
2016 පෙබරවාරි මස 23
2016 පෙබරවාරි මස 23
අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී
2016 පෙබරවාරි මස 23වැනි දා, එනම් නවම් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
No comments:
Post a Comment