Tuesday, May 31, 2016
Wednesday, May 25, 2016
Friday, May 20, 2016
Lokothpaththi Kathawa
අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
ලෝකෝත්පත්ති කතාව
දහම් පොත
වෙසක් පුන්
පොහෝ දින
අනුරාධපුර
සදහම් සෙවණේ දී එළිදකී
අනුරාධපුර
සදහම් සෙවණෙහි නවතම ප්‍රකාශනය වන ලෝකෝත්පත්ති කතාව දහම් පොත 2016 මැයි මස 21 දිනට යෙදෙන වෙසක් පුන්
පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි
පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන අනුරාධපුර
සදහම් සෙවණ වෙසක් පුන්
පොහොය
වැඩසටහනේ දී එළිදැක්වෙයි.
ධර්මදානයක් වශයෙන් නොමිළයේ බෙදා දෙන ලෝකෝත්පත්ති
කතාව දහම් පොත රෝහිත
විජයතිලක මහතාගේ සම්පාදනයකි.
අනුරාධපුර උණගස්වැව,
වේලුවනගම, අංක 38හි පැවැත්වෙන අනුරාධපුර සදහම්
සෙවණ පුන් පොහොය වැඩසටහන්වල
දී සහ සදහම් සෙවණ භාවනා වැඩසටහන්වල
දී ලෝකෝත්පත්ති කතාව දහම් පොත නොමිළයේ බෙදා දෙනු ලැබේ.
අනුරාධපුර සදහම් සෙවණ 2016 වෙසක් පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
2016 වෙසක් පුන් පොහොය වැඩසටහන
දින දෙකක් පුරා
දින දෙකක් පුරා
අනුරාධපුර
සදහම් සෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන 2016 මැයි මස 21 දිනට
යෙදෙන වෙසක් පුන් පොහෝ දින සහ පසු දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී දින දෙකක් පුරා පැවැත්වේ.
මෙම දින දෙක ම හෝ එක දිනයක දී හෝ මෙම වැඩසටහනට සහභාගි වීමට අවකාශ සලසා ගත හැකි ය.
2016 මැයි මස 21 දින
පෙරවරු
6.00ට ඇරැඹී 23 දින පෙරවරු 6.00ට අවසන් වන මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා,
භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙවර පොහොය වැඩසටහනේ
විශේෂත්වය වනුයේ බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය විස්තරාත්මක ව
මෙනෙහි කරමින්
බුද්ධ
වන්දනාව කිරීම යි.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
2016 මැයි මස 23වැනි දා, අනුරාධපුර සදහම්
සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ
භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන
පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට
සහ භාවනා වැඩසටහනට සහභාගි
වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
077 021
5583 දුරකථන අංකයට
ඇමතුමක් ලබා දී වැඩි විස්තර දැන ගත හැකි ය.
Subscribe to:
Posts (Atom)