Friday, May 20, 2016

අනුරාධපුර සදහම් සෙවණ 2016 වෙසක් පුන් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2016 වෙසක් පුන් පොහොය වැඩසටහන
දින දෙකක් පුරා
අනුරාධපුර සදහම් සෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන 2016 මැයි මස 21 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දින සහ පසු දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී දින දෙකක් පුරා පැවැත්වේ.
මෙම දින දෙක ම හෝ දින දී හෝ මෙම වැඩසටහනට සහභාගි වීමට අවකාශ සලසා හැකි ය.
2016 මැයි මස 21 දින පෙරවරු 6.00ට ඇරැඹී 23 දින පෙරවරු 6.00ට අවසන් වන මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙර පොහොය වැඩසටහනේ විශේෂත්නුයේ බුදුරජාණන් වහන්සේගේ සු ගුණ විස්තරාත්මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
2016 මැයි මස 23වැනි දා, අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
        පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනසහ භාවනා වැඩසටහන සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
077 021 5583 දුඅංතුමක් ලබා දී වැඩි විස්තර දැ හැකි ය.

No comments:

Post a Comment