අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
—ඤාති ප්‍රේතයෝ
තමන්ගේ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත ද සිටිත්. සන්ධිස්ථානවල ද සතරමංසන්ධිවල ද
දොර බා සමීපයෙහි ද
සිටිත්.
බොහෝ ආහාරපාන ද, කෑ යුතු බුදිය
යුතු දේ ද පිළියෙළ කළ ද
කිසි ම නෑදෑයෙක් ඒ සත්ත්වයන්ගේ අකුසල කර්ම හේතුවෙන් ඔවුන් සිහි නො කරයි.
අනුකම්පා කරන නෑයෝ,
මෙසේ, පිරිසිදු වූ ප්‍රණීත වූ කැප වූ
ආහාර පාන සුදුසු කාලයෙහි දන් දෙත්.
“මේ පින අපගේ නෑයනට වේ වා! ඒ නෑයෝ සුවපත් වෙත්
වා!ZZ යි.
ඤාති ප්‍රේත ඔවුහු ද එතැනට
පැමිණ එක්රැස් වී, බොහෝ
ආහාරපාන දෙන කල ගෙ!රවයෙන් අනුමෝදන් වෙත්. “නෑයෝ
බොහෝ කල් ජීවත් වෙත් වා. ඒ හේතුවෙන් අපි ලබමු. අපට ද පූජා කරන ලදී.’’ දායකයෝ ද ඵල නැත්තෝ නො වෙත්.
එහි සීසෑමක් නොමැත. ගව
පාලනයක් දක්නට නොමැත. වෙළඳාම ක් ද නොමැත. රන් රිදීයෙන් ගනුදෙනුවක් ද නොමැත. මියගොස් ප්‍රේතයන් වූවෝ මෙතැනින්
දෙන ලද්දකින් එතැන යැපෙත්.
උස් බිමකට වැටුණු ජලය
යම්සේ පහත් බිම් කරා ගලා බසී ද එසේ ම
මෙතැනින් දුන් දේ ප්‍රේතයනට පැමිණේ.
මහා නදීහු පිරුණාහු යම්සේ සාගරය පුරවත් ද එසේ ම මෙතැනින්
දුන් දේ ප්‍රේතයනට පැමිණේ.
“මට දුන්නේ ය. මට කළේ ය. මගේ නෑමිතුරෝ ය. යහළුවා ය’’ යි මළගිය අය පෙර කළ දේ සිහි කර ප්‍රේතයනට දක්ෂිණාව දෙන්නේ ය.
හැඬීම හෝ ශෝකය හෝ යම් අන් විලාපයක් හෝ ඒ ප්‍රේතයනට වැඩ පිණිස නො වේ.
නෑයෝ එසේ ම සිටිත්.
දෙන ලද මේ දක්ෂිණාව වනාහි සංඝයා කෙරෙහි මනාසේ පිහිටියේ දිගුකලක් හිත
පිණිස එකෙණෙහි ම පැමිණේ.
මේ ඤාති ධර්මය
දක්වන ලදී. ප්‍රේතයනට මහත් පූජාවක් ද කරන ලදී. භික්‍ෂූනට ශක්තිය ද දෙන ලදී. ඔබ
විසින් ද බොහෝ පින් රැස් කරන ලදී.˜
No comments:
Post a Comment