Tuesday, September 27, 2016

229 Sarakani Shakyaya

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
   2016 ìනර         සදහම් සෙවණ            229වැනි දහම්පත
සරකානි ශාක්‍යයා
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සරකානි ශාක්‍යතෙම කාලක්‍රියා කළේ ය. හෙතෙම නිරයෙහි නොවැටෙන දහමෙන් යුතු, නියත වූ, නිර්වාණාවබෝධය පිහිටකොට ඇති සෝවන් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.
එහි බොහෝ ශාක්‍යයෝ එක් වී, රැස් වී දොස් කියත්, ගරහත්, අවමන් කරත්: පින්වතුනි, ආශ්චර්‍ය යි. පින්වතුනි, පුදුම යි. යම් සරකානි නම් ශාක්‍යයෙක් කළුරිය කළේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම නිරයෙහි නොවැටෙන දහමෙන් යුතු, නියත වූ, නිර්වාණාවබෝධය පිහිටකොට ඇති සෝවන් ය යි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේ ද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වල වූ, මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.
එකල්හි මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේ ය: ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම නිරයෙහි නොවැටෙන දහමෙන් යුතු, නියත වූ, නිර්වාණාවබෝධය පිහිටකොට ඇති සෝවන් ය යි වදාරන ලදී. එහි බොහෝ ශාක්‍යයෝ එක් වී, රැස් වී දොස් කියත්, ගරහත්, අවමන් කරත්: පින්වතුනි, ආශ්චර්ය යි. පින්වතුනි, පුදුම යි. යම් සරකානි නම්  ශාක්‍යයෙක්  කළුරිය  කළේ  ,  භාග්‍යවතුන්  වහන්සේ විසින් හෙතෙම නිරයෙහි නොවැටෙන දහමෙන් යුතු, නියත වූ, නිර්වාණාවබෝධය පිහිටකොට ඇති සෝවන් ය යි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේ ද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වල වූ, මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.
මහානාම, යම් ඒ උපාසකයෙක් දිගු කලක් මුළුල්ලෙහි බුදුන් සරණකොට ගියේ වේ ද, ධර්මය සරණකොට ගියේ වේ ද, සංඝයා සරණකොට ගියේ වේ ද, හෙතෙම කෙසේ නම් නිරයට යන්නේ ද? මහානාම, යමකුට වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියා වූ, ධර්මය සරණකොට ගියා වූ, සංඝයා සරණකොට ගියා වූ උපාසකයෙකැ යි මනා ව කියන්නේ නම් සරකානි ශාක්‍යයාහට මනාකොට කියන්නේ ය. මහානාම, සරකානි ශාක්‍යතෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියා වූ, ධර්මය සරණ ගියා වූ, සංඝයා සරණ ගියා වූ උපාසකයෙක් වන්නේ ය. හෙතෙම කෙසේ නම් නිරයට යන්නේ ද?
 .  .  .
 මහානාම, මේ මහ සල්ගස් ඉදින් සුභාෂිත දුර්භාෂිත දනිත් නම්, මේ සල්ගස් පවා නිරයෙහි නොවැටෙන දහමෙන් යුතු, නියත වූ, නිර්වාණාවබෝධය පිහිටකොට ඇති සෝවන් ය යි මම ප්‍රකාශ කරන්නෙමි. සරකානි ශාක්‍යයා ගැන කියනුම කවරේ ද? මහානාම, සරකානි ශාක්‍යතෙම වනාහි මැරෙන කාලයෙහි ශික්ෂාව සම්පූර්ණ කළේ ය යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
 (සංයුත්ත නිකාය 5 (2)හි
11. සෝතාපත්ති සංයුත්තයෙහි 3. සරකානි වර්ගයෙහි 4. සරකානි සූත්‍රයෙනි.)
සකස් කළේ රෝහිත විජයතිලක
අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම අංක 38,
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානය
දු: 077 021 5583.

Sunday, September 25, 2016

228 Eka Pudgalayakuge Eta Resa

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
 

එක පුද්ගලයකුගේ ඇට රැස
Nd.Hj;=ka jykafia úiska fuh jodrk ,§' w¾y;a jQ Nd.Hj;=ka jykafia úiska fuh jodrk ,ÿj ud úiska fufia wik ,§'
 මහණෙනි, කල්පයක් සසර ඇවිදින, නැවත නැවත උපදින එක පුද්ගලයකුගේ ඇටසැකිලි, ඇට ගොඩ, ඇට සමූහය ඉදින් එකතු කරන ලද්දේ නම්, රැස්කරන ලද්දේ නම් නොවැනසී පවතියි නම් යම්සේ , වෙපුල්ල පර්වතය සේ වන්නේ ය.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එය මෙසේ කියනු ලැබේ.
මගධ රට ගිරිබ්බජ නම් රජගහනුවර සමීපයෙහි ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් වූ වෙපුල්ල පර්වතය මහත් ය යි කියනු ලැබේ.
එක කල්පයක එක පුද්ගලයකුගේ ඇට රාශිය ඒ පර්වතය සමාන වූ ගොඩක් වන්නේ ය යි මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී.
යම් කලෙක සිට දුක ද, දුක ඉපදීමට හේතුව ද, දුක ඉක්මවීම ද, දුක සංසිඳීමට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද යන ආර්ය සත්‍යයන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී ද,
ඒ පුද්ගල තෙමේ උපරිම සත්වරක් ගෙවා සියලු සංයොජන ක්ෂය කිරීමෙන් දුක කෙළවර කරන්නේ ය.
මේ අර්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදුව මා විසින් මෙසේ අසන ලදී.
^Lqoaol ksldh 1ys b;sjq;a;lmd<sfhys tAll ksmd;fhys f;jeks j¾.fhys wÜÀmq[ac iQ;%fhks'& [1'3'4]
 

Friday, September 23, 2016

227 Sathkara Noivasa

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

සත්කාර නොඉවසා. . .
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දේ වෙයි. ගරු කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි. භික්ෂු සංඝයා ද සත්කාර කරන ලද්දේ වෙයි. ගරු කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි.
අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි සත්කාර නොකරන ලද්දාහු, ගරු නොකරන ලද්දාහු, බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති. සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති. ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ද භික්ෂු සංඝයාගේ ද සත්කාර නොඉවසන්නාහු ගමෙහි ද, වනයෙහි ද භික්ෂුන් දැක අසභ්‍ය, නපුරු වචනවලින් බණිත්. අපහාස කරත්. දොස් කියත්. වෙහෙසත්.
ඉක්බිති බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ:
ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දේ වෙයි. ගරු කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි. භික්ෂු සංඝයා ද සත්කාර කරන ලද්දේ වෙයි. ගරු කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි සත්කාර නොකරන ලද්දාහු, ගරු නොකරන ලද්දාහු, බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති.
ස්වාමීනි, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ද, භික්ෂු සංඝයාගේ ද සත්කාර නොඉවසන්නාහු ගමෙහි ද, වනයෙහි ද භික්ෂුන් දැක අසභ්‍ය, නපුරු වචනවලින් බණිත්. අපහාස කරත්. දොස් කියත්. වෙහෙසත්. යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක:
ගමෙහි ද, වනයෙහි ද සුව දුක් ස්පර්ශ කරන්නේ තමාගේ හෝ අනුන්ගේ වශයෙන් නො ගන්නේ ය.
ස්පර්ශයෝ උපධි නිසා ස්පර්ශ කෙරෙත්. උපධි රහිත වූ කල ස්පර්ශයෝ කුමකින් ස්පර්ශ කෙරෙත් ද.
(ඛුද්දකනිකාය 1හි උදානපාළියෙහි 2. මුචලින්ද වර්ගයෙහි 4. සත්කාර සූත්‍රයෙනි.)