අනුරාධපුර සදහම් සෙවණ පොහොය
වැඩසටහන
අන්තර්ජාල කලාපය
සත්කාර නොඉවසා. . .
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන්
වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දේ වෙයි. ගරු
කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන ලද්දේ වෙයි.
සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි. භික්ෂු සංඝයා ද සත්කාර
කරන ලද්දේ වෙයි. ගරු කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව
කරන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි.
අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි සත්කාර නොකරන ලද්දාහු, ගරු නොකරන ලද්දාහු, බුහුමන් නොකරන ලද්දාහු,
නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති.
සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති. ඉක්බිති ඒ අන්‍යතීර්ථක
පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ද භික්ෂු සංඝයාගේ ද සත්කාර නොඉවසන්නාහු ගමෙහි ද,
වනයෙහි ද භික්ෂුන් දැක අසභ්‍ය, නපුරු වචනවලින්
බණිත්. අපහාස කරත්. දොස් කියත්. වෙහෙසත්.
ඉක්බිති බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ.
පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ භික්ෂුහු
භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ:
“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දේ වෙයි. ගරු කරන ලද්දේ වෙයි.
බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත
සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි. භික්ෂු සංඝයා ද සත්කාර කරන ලද්දේ
වෙයි. ගරු කරන ලද්දේ වෙයි. බුහුමන් කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. ගෞරව කරන
ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම ඇත්තේ වෙයි. අන්‍යතීර්ථක
පරිබ්‍රාජකයෝ වනාහි සත්කාර නොකරන ලද්දාහු, ගරු නොකරන
ලද්දාහු, බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති. සිවුරු
පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති.
“ස්වාමීනි, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ද, භික්ෂු සංඝයාගේ ද සත්කාර නොඉවසන්නාහු ගමෙහි ද, වනයෙහි ද භික්ෂුන් දැක අසභ්‍ය, නපුරු වචනවලින්
බණිත්. අපහාස කරත්. දොස් කියත්. වෙහෙසත්.” යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි
මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක:
“ගමෙහි ද, වනයෙහි ද සුව දුක්
ස්පර්ශ කරන්නේ
තමාගේ හෝ අනුන්ගේ වශයෙන් නො ගන්නේ ය.
ස්පර්ශයෝ
උපධි නිසා ස්පර්ශ කෙරෙත්. උපධි රහිත වූ කල ස්පර්ශයෝ කුමකින් ස්පර්ශ කෙරෙත් ද.”
(ඛුද්දකනිකාය 1හි
උදානපාළියෙහි 2.
මුචලින්ද
වර්ගයෙහි
4. සත්කාර
සූත්‍රයෙනි.)
No comments:
Post a Comment