Wednesday, December 20, 2017

අනුරාධපුර සදහම් සෙවණ විශේෂ දුරුතු වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
විශේෂ දුරුතු වැඩසටහන
2017 දෙසැම්බර් මස 23 හා 24 දිනවල දී
අනුරාධපුර සදහම් සෙවණ විශේෂ දුරුතු ශීල භාවනා වැඩසටහනක් 2017 දෙසැම්බර් මස 23 හා 24 යන දිනවල අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
2017 දෙසැම්බර් මස 23 දින පස්රු 3.00 ඇරැඹී දෙසැම්බර් මස 24 දින පෙරවරු 6.00 වසන් න මෙම විශේෂ දුරුතු ශීල භාවනා වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
2017 දෙසැම්බර් මස 23 දින පස්රු 3.00 සිට භාවනා වැඩසටහනක් පැවැත්වේ. 2017 දෙසැම්බර් මස 24 දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.
මෙම විශේෂ වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
දුර බැහැර සිට පැමිණෙන තෝරාත් පින්වතුන් පිරිසක් සඳහා පැවැත්වෙ මෙම විශේෂ වැඩසටහනට සහභාගි වන පින්වතුනට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.

මෙම විශේෂ වැඩසටහන සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.

Tuesday, December 19, 2017

58 A Dewarak ma Amma Vetha Giya ya Elidakveema

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
රෝහිත විජයතිලක මහතාගේ 58වැනි පො
2017 දෙසැම්බර් මස 23 වැනිදා එළිදකී

Monday, December 18, 2017

අනුරාධපුර සදහම් සෙවණ 2018 දුරුතු පුන් පොහොය වැඩසටහන



අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2018 දුරුතු පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර සදහම් සෙවණ දුරුතු පුන් පොහොය වැඩසටහන 2018 ජනවාරි මස 1 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම දුරුතු පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා සහ දහම් පොත් බෙදා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.
2018 ජනවාරි මස 2වැනි දා, එනම් දුරුතු පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
මෙම වැඩසටහන්වල සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.