අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2018 දුරුතු පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර සදහම් සෙවණ දුරුතු පුන් පොහොය වැඩසටහන 2018 ජනවාරි
මස 1 දිනට
යෙදෙන දුරුතු පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට
පස්වරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම දුරුතු පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ
ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා සහ දහම් පොත් බෙදා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය
දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් ද පැවැත්වේ.
2018 ජනවාරි මස 2වැනි දා, එනම් දුරුතු පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
මෙම වැඩසටහන් මෙහෙයවනු
ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
මෙම වැඩසටහන්වලට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
No comments:
Post a Comment