Saturday, February 11, 2017

240 අහෝ සැප යි



අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
2017 ම්            ioyï fijK       240jeks oyïm;
අහෝ සැප යි
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ අනුපිය අඹවනයෙහි වැඩවසන සේක. එසමයෙහි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි රණ්‍යයකට ගියාහු ද රුක්මුලට ගියාහු ද ශුන්‍යාගාරයට ගියාහු ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනති. බොහෝ භික්ෂුහු වනාහි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ රණ්‍යයකට ගියාහු ද රුක්මුලට ගියාහු ද ශුන්‍යාගාරයට ගියාහු ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනනු ඇසූහ. අසා ඔවුනට මේ අදහස විය: ඇවැත්නි, කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි නිසැක ව ම ඇලීමක් නොමැති ව බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි විසූ ඔහුට යම් රජ සැපයක් වී ද, හෙතෙම එය සිහිකරමින්රණ්‍යයකට ගියේ ද රුක්මුලට ගියේ ද ශුන්‍යාගාරයට ගියේ ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනයි යනුවෙනි.
ඉක්බිති බොහෝ භික්ෂුහු වනාහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. එකත්පසෙක සිටි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ: ස්වාමීනි, කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි රණ්‍යයකට ගියාහු ද රුක්මුලට ගියාහු ද ශුන්‍යාගාරයට ගියාහු ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනති. ස්වාමීනි, කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි නිසැක ව ම ඇලීමක් නොමැති ව බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි විසූ ඔහුට යම් රජ සැපයක් වී ද, හෙතෙම එය සිහිකරමින්රණ්‍යයකට ගියේ ද රුක්මුලට ගියේ ද ශුන්‍යාගාරයට ගියේ ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනයි’’ යනුවෙනි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූසේක: මහණ, ඔබ එන්න. ඇවැත්නි, භද්දිය,ශාස්තෘන් වහන්සේ ඔබ අමතන්නාහ යි මගේ වචනයෙන් භද්දිය භික්ෂුව අමතන්න. එසේ ය, ස්වාමීනි යි ඒ භික්ෂුව වනාහි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේට මෙය කී ය: ඇවැත්නි, භද්දිය,ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ යි.
එසේ ය, ඇවැත්නියි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිතුරු දී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය පැවසූසේක: භද්දිය, ඔබ වනාහි රණ්‍යයකට ගියෙහි ද රුක්මුලට ගියෙහි ද ශුන්‍යාගාරයට ගියෙහි ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනන බව සැබෑ ද? එසේ ය, ස්වාමීනි. හද්දිය, ඔබ වනාහි කුමන කාරණයක් දකිමින් රණ්‍යයකට ගියෙහි ද රුක්මුලට ගියෙහි ද ශුන්‍යාගාරයට ගියෙහි ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනන්නෙහි ද?
ස්වාමීනි, මා පෙර ගිහිගෙයි වෙසෙමින් රජය කරද්දී ඇතුළුනුවර ඇතුළෙහි ද මැනවින් ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ඇතුළුනුවරෙන් පිටත ද මැනවින් ආරක්‍ෂාව සලසන ලද්දේ විය. නගරය ඇතුළෙහි ද මැනවින් ආරක්‍ෂාව සලසන ලද්දේ විය. නගරයෙන් පිටත ද මැනවින් ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ජනපදය ඇතුළෙහි ද මැනවින් ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙන් පිටත ද මැනවින් ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ස්වාමීනි, මම වනාහි මෙසේ ආරක්‍ෂිත වූයෙම් වෙහෙසට පත් වූයෙම්, බිය වූයෙම්, බියෙන් වෙවුලන්නෙම්, සැක ඇත්තෙම්, තැතිගත්තෙම් වාසය කළෙමි. ස්වාමීනි, දැන් මම වනාහිරණ්‍යයකට ගියෙම් ද රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද, හුදෙකලා වූයෙම් ද බිය නැත්තෙම්, බියෙන් නොවෙවුලන්නෙම්, සැක නැත්තෙම්, තැතිනොගත්තෙම් අඩු උත්සාහ ඇති ව, ලොමුඩැහැගැනීම් නැති ව, අනුන්ගෙන් යැපෙමින්, මුවකුගේ මෙන් සිතෙන් යුතු ව වාසය කරමි. ස්වාමීනි, මම වනාහි මේ කාරණය දකිමින් රණ්‍යයකට ගියෙම් ද රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද අහෝ සැප යි, අහෝ සැප යි කියා නිතර නිතර උදන් අනමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය වදාළ සේක:
යමකුගේ අභ්‍යන්තරයෙහි කෝපය නැද්ද,
භවයෙන් භවය ඇතිකරණ ස්වභාව ඉක්මවූයේ ද,
ඒ පහ වූ බිය ඇති, සැප ඇති, ශෝක නැති
ඔහු දකින්නට දෙවියෝ අසමත් වෙති.
 (ඛුද්දක නිකාය 1හි උදානපාළියෙහි 2. මුචලින්ද වර්ගයෙහි 10. භද්දිය සූත්‍රයෙනි.)
ilia lf<a frdays; úch;s,l
wkqrdOmqr" WK.iajej" ¿jk.u" wxl 38"
ioyï fijK Ndjkd uOHia:dkh
ÿr( 077 021 5583'

No comments:

Post a Comment