Monday, March 13, 2017

242 භාග්යවතුන් වහන්සේ දෙවඟනන් ලැබීමට ඇප වූ සේක

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
2017 මැදින්            ioyï fijK       242jeks oyïm;
භාග්‍යවතුන් වහන්සේ 
දෙවඟනන් ලැබීමට ඇප වූ සේක
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේගේ සොහොයුරා වූ, සුළු මවගේ පුත් ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂුනට මෙසේ කියයි: ඇවැත්නි, මම ඇල්මෙන් තොර ව බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමි. බ්‍රහ්මචර්යාව ඉසිලීමට නො හැක්කෙමි. ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහි වන්නෙමි යි.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සොහොයුරා වූ, සුළු මවගේ පුත් ආයුෂ්මත් නන්ද බොහෝ භික්ෂුනට මෙසේ කියයි: ඇවැත්නි, මම ඇල්මෙන් තොර ව බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමි. බ්‍රහ්මචර්යාව ඉසිලීමට නො හැක්කෙමි. ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහි වන්නෙමි යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූසේක: මහණ, ඔබ එන්න. ඇවැත් නන්ද, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන්නාහ යි මගේ වචනයෙන් නන්ද භික්ෂුව අමතන්න. එසේ ය, ස්වාමීනි යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කී ය: ඇවැත් නන්ද, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ යි.
එසේ ය, ඇවැත්නි යි ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිතුරු දී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය පැවසූසේක: නන්ද, ඔබ වනාහි ඇවැත්නි, මම ඇල්මෙන් තොර ව බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමි. බ්‍රහ්මචර්යාව  ඉසිලීමට  නො හැක්කෙමි.  ශික්ෂාව  ප්‍රතික්ෂෙප කොට ගිහි වන්නෙමි යි මෙසේ කියන ලද බව සැබෑ ද? එසේ ය, ස්වාමීනි. නන්ද, ඔබ කුමක් නිසා ඇල්මෙන් තොර ව බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහි ද? බ්‍රහ්මචර්යාව ඉසිලීමට නො හැක්කෙහි ද? ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහි වන්නෙහි ද? ස්වාමීනි, ගෙදරින් පිට වන මට ශාක්‍යවංශික ජනපද කල්‍යාණී අඩක් පීරූ කෙසින් මා බලා, ආර්ය පුත්‍රය, වහා එන්නැ යි මට කීවා ය. ස්වාමීනි, ඒ මම එය සිහිකරන්නෙම් ඇල්මෙන් තොර ව බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමි. බ්‍රහ්මචර්යාව ඉසිලීමට නො හැක්කෙමි. ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහි වන්නෙමි යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ අතෙන් අල්ලාගෙන, යම්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත දිගු කරන්නේ ද, දිගු කළ අත හකුළන්නේ ද එසේ ම ජෙතවනයෙන් අතුරුදන් ව, තව්තිසා දෙවියන් අතර පහළ වූ සේක.
එසමයෙහි පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනෝ දෙවියනට අධිපති සක් දෙවිඳුනට උපස්ථානයට පැමිණියාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළසේක: නන්ද, ඔබ මේ පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් දකින්නෙහි ද? එසේ ය, ස්වාමීනි.
නන්ද, ඔබ කුමක් සිතන්නෙහි ද? වඩා රූමත්, වඩා දැකුම්කළු, වඩා පැහැදීම ඇති කරන්නේ ශාක්‍යවංශික ජනපද කල්‍යාණී ද මේ පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ද?
ස්වාමීනි, කන් නාසා කැඩුණු, දැවුණු වැඳිරිය යම්සේ ද, ස්වාමීනි, ශාක්‍යවංශික ජනපද කල්‍යාණී එසේ ය. මේ පන්සියයක් පමණ දෙවඟනන් හා සසඳන විට ගණනකට නො එයි, කලාවකට (16න් පංගුවකට) හෝ නො එයි, කලාවෙන් කොටසකට හෝ නො එයි, උපමා කිරීමට හෝ නො එයි. තව ද මේ පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ම වඩා රූමත් ය, වඩා දැකුම්කළු ය, වඩා පැහැදීම ඇති කරන්නේ ය.
නන්ද, සිත් අලවන්න, නන්ද, සිත් අලවන්න. පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ලැබීමට මම ඔබට ඇප වෙමි.
ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ලැබීමට ඇප වනසේක් නම්, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරීමට සිත් අලවන්නෙමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ අතෙන් අල්ලාගෙන, යම්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත දිගු කරන්නේ ද, දිගු කළ අත හකුළන්නේ ද එසේ ම තව්තිසා දෙවියන් අතරෙන් අතුරුදන් ව, ජෙතවනයෙහි පහළ වූ සේක.
භාග්‍යවතුන් වහන්සේගේ සොහොයුරා වූ, සුළු මවගේ පුත් ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ දෙවඟනන් නිසා බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. භාග්‍යවතුන් වහන්සේ පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ලැබීමට ඇප වූ සේකැ යි භික්ෂුහු ඇසූහ.
ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේගේ යහළු භික්ෂුහු ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ බැළමෙහෙකරුවෙකැ යි ද මුදලට ගත්තෙකැ යි ද කථාකරත්. ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි බැළමෙහෙකරුවෙකි. ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි මුදලට ගත් කෙනෙකි. දෙවඟනන් නිසා බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. භාග්‍යවතුන් වහන්සේ පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ලැබීමට ඇප වූ සේකැ යි.
ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ යහළු භික්ෂුන්ගේ බැළමෙහෙකරු කථාවෙන් ද මුදලට ගත්තෙකැ යි යන කථාවෙන් ද පෙළෙනු ලබන්නේ, ලජ්ජාවට පත් වූයේ, පිළිකුල් කරනු ලබන්නේ හුදෙකලා වූයේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, නිවන වෙත යොමු කළ සිත් ඇති ව වාසය කරන්නේ නොබෝ කලෙකින්, යම් අර්ථයක් සඳහා කුලපුත්‍රයන් මනාසේ ගිහිගෙන් නික්ම අනගාරික පැවිද්ද ලබත් ද, ඒ ඉතා උතුම් බ්‍රහ්මචර්යයෙහි කෙළවර වූ නිවන මෙලොව දී ම තමන් වහන්සේ විසින් ම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසූහ. ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලදී, සියලු කෘත්‍යය කරන ලදී, මෙයින් මතු ආත්මයක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ රහතන් වහන්සේලා අතරෙන් එක්තරා කෙනෙක් වූහ.
ඉක්බිති එක්තරා දෙවියෙක් රාත්‍රිය ඉක්මගිය කල්හි මනහර වර්ණයෙන් මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සොහොයුරා වූ, සුළු  මවගේ  පුත්  ආයුෂ්මත්  නන්ද  ස්ථවිරයන්  වහන්සේ  කෙලෙස් ක්ෂය වීමෙන් කෙලෙස් නැති අර්හත්ඵල විමුක්තිය ද අර්හත්ඵල ප්‍රඥාව ද මෙලොව දී ම තමන් වහන්සේ විසින් ම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරතැ යි. භාග්‍යවතුන් වහන්සේට ද නන්ද කෙලෙස් ක්ෂය වීමෙන් කෙලෙස් නැති අර්හත්ඵල විමුක්තිය ද අර්හත්ඵල ප්‍රඥාව ද මෙලොව දී ම තමන් විසින් ම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරතැ යි නුවණ පහළ විය.
ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ඉකුත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ: ස්වාමීනි, පරෙවි පා වැනි රතු පා ඇති පන්සියයක් පමණ දෙවඟනන් ලැබීමට භාග්‍යවතුන් වහන්සේ මට යම් ඇපයක් වූසේක් ද, ස්වාමීනි, මම මේ ඇපයෙන් භාග්‍යවතුන් වහන්සේ මුදමි යි කීහ. නන්ද, ඔබගේ සිත මගේ සිතෙන් පිරිසිඳ, නන්ද කෙලෙස් ක්ෂය වීමෙන් කෙලෙස් නැති අර්හත්ඵල විමුක්තිය ද අර්හත්ඵල ප්‍රඥාව ද මෙලොව දී ම තමන් විසින් ම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරතැ යි දැනගතිමි. දෙවියෙක් ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සොහොයුරා වූ, සුළු මවගේ පුත් ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ කෙලෙස් ක්ෂය වීමෙන් කෙලෙස් නැති අර්හත්ඵල විමුක්තිය ද අර්හත්ඵල ප්‍රඥාව ද මෙලොව දී ම තමන් වහන්සේ විසින් ම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරතැ යි මට දැනුම් දුන්නේ ය. නන්ද, යම් විටෙක ඔබගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ ද, එවිට මම ඒ ඇපයෙන් මිදුණෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය වදාළ සේක:
යමකු කෙලෙස් මඩවගුරෙන් එතෙර වූයේ ද, කාමය නමැති කටුව මඬින ලද්දේ ද, මෝහක්ෂයට පැමිණියේ ද, ඒ භික්ෂුව සැපදුක් නො විඳියි.
 (ඛුද්දක නිකාය 1හි උදානපාළියෙහි 3. නන්ද වර්ගයෙහි 2. නන්ද සූත්‍රයෙනි.)
ilia lf<a frdays; úch;s,l
wkqrdOmqr" WK.iajej" ¿jk.u" wxl 38"
ioyï fijK Ndjkd uOHia:dkh
ÿr(011 571 8840" 077 021 5583'

No comments:

Post a Comment