අනුරාධපුර සදහම්
සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
2017 වෙසක් පුන් පොහොය වැඩසටහන
දින දෙකක් පුරා
දින දෙකක් පුරා
අනුරාධපුර
සදහම් සෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන 2017 මැයි මස 10 දිනට
යෙදෙන වෙසක් පුන් පොහෝ දින සහ පසු දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී දින දෙකක් පුරා පැවැත්වේ.
මෙම දින දෙක ම හෝ එක දිනයක දී හෝ මෙම වැඩසටහනට සහභාගි වීමට අවකාශ සලසා ගත හැකි
ය.
2016 මැයි මස 10 සහ 11
දිනවල පෙරවරු 6.00ට ඇරැඹී පස්වරු
6.00ට අවසන් වන මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම
දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
දුර බැහැර සිට පුන්
පොහොය වැඩසටහනට
සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා
එම
දිනවල පස්වරු
6.00 සිට පසු දින පෙරවරු
6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහන් ද පැවැත්වේ.
වැඩ සටහන්වලට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය
සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
2016 මැයි මස 12වැනි
දා, අනුරාධපුර සදහම්
සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
පොහොය වැඩසටහන් සහ භාවනා
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට
සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී
පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට
සහ භාවනා වැඩසටහනට සහභාගි
වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
No comments:
Post a Comment