අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
2017 jma 257jeks oyïm;
පුණ්‍ය ගංගා සතර
මා
විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ
සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු
සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි
වාසය කරනසේක. එහි දී භාග්‍යවතුන්
වහන්සේ “මහණෙනි”
යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි” යි
ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය
වදාළසේක.
“මහණෙනි,
සැපයට හේතු වූ මේ පුණ්‍ය ගංගා කුසල ගංගා සතරකි. කවර සතර ද,
“මහණෙනි, මෙහි
ආර්යශ්‍රාවක තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්, අර්හත්යහ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ,
සුගතයහ, ලෝකවිදුයහ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ,
දෙවි මිනිසුනට ශාස්තෘයහ,
බුද්ධයහ, භගවත්යහ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත
වූයේ වෙයි ද, මේ සැපයට හේතු වූ පළමුවැනි පුණ්‍ය ගංගාව ය, කුසල
ගංගාව
ය.
“නැවත
අනෙකක්
ද කියමි. මහණෙනි, මෙහි
ආර්යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී, තමා විසින් දැකිය යුතු ඵල ඇත්තේ ය, කල් නොයවා විපාක දෙන්නේ ය, ‘එන්න
බලන්නැ’
යි දැක්වීමට සුදුසු ය, තමන් තමසිත්හි එළවිය යුතු ය,
නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය යි ධර්මය කෙරෙහි
නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ
වෙයි
ද, මේ සැපයට හේතු වූ දෙවැනි පුණ්‍ය ගංගාව
ය,
කුසල ගංගාව ය.
“නැවත
අනෙකක්
ද කියමි. මහණෙනි, මෙහි
ආර්යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා ව පිළිපන්නේ
ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු
ව පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා
සත්‍ය මඟට පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවැරැදි
මඟට පිළිපන්නේ
ය, යම් ඒ පුරුෂයුගල
සතරක් වෙයි
ද,
පුරුෂපුද්ගලයෝ අටදෙනෙක් වෙත්
ද,
භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා පූජාවට සුදුසු ය, ආගන්තුක සත්කාරයට සුදුසු ය, දක්ෂිණාවට සුදුසු ය, දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසු ය,
ලෝකයාට උතුම් පින්කෙත ය යි
සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත
වූයේ වෙයි ද,
මේ සැපයට හේතු වූ තුන්වැනි පුණ්‍ය
ගංගාව
ය, කුසල ගංගාව ය.
“නැවත අනෙකක් ද කියමි. මහණෙනි, ආර්යශ්‍රාවක
තෙමේ ආර්යයන් කැමැති වන්නා වූ සීලයෙන් යුක්ත
වූයේ වෙයි ද,
මහණෙනි,
මේ වනාහි සැපයට හේතු
වූ සතරවැනි වූ පුණ්‍ය
ගංගාව
ය, කුසල ගංගාව ය.
“මහණෙනි, මේ
සතර වනාහි සැපයට හේතු වූ පුණ්‍ය ගංගා වෙයි,
කුසල ගංගා වෙයි.”
No comments:
Post a Comment