අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණේ දී
2018 අධි පොසොන් පුන් පොහෝ දින
භාවනා වැඩසටහන් තුනක්
2018 මැයි මස 29 දිනට
යෙදෙන අධි පොසොන් පුන් පොහෝ දින
අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී භාවනා වැඩසටහන් තුනක් පැවැත්වේ.
එදින පෙරවරු 8.00 සිට දහවල් 12.00
තෙක් පළමුවැනි
භාවනා වැඩසටහන පැවැත්වෙන අතර පස්වරු 2.00 සිට පස්වරු 6.00 තෙක්
දෙවැනි භාවනා වැඩසටහන ද පස්වරු 6.30 සිට
පස්වරු 8.30 තෙක් තුන්වැනි භාවනා වැඩසටහන ද පවත්වනු ලැබේ.
2018 මැයි මස 30වැනි දා
ද අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
භාවනා පුහුණු වීමට කැමැති අයට මෙම එක භාවනා වැඩසටහනකට හෝ භාවනා වැඩසටහන් කිහිපයකට හෝ භාවනා වැඩසටහන් සියල්ලට ම හෝ සහභාගි වීමට හැකි
ය.
භාවනා වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා
උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
භාවනා වැඩ සටහන්වලට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය
සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද පොත් සහ ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
No comments:
Post a Comment