අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී මේ වන විට දසදින භාවනා වැඩසටහන්, සත්දින භාවනා
වැඩසටහන්, සයදින භාවනා වැඩසටහන්, පස්දින භාවනා
වැඩසටහන් සහ සිවුදින භාවනා වැඩසටහන් ද පවත්වා ඇත.
පවත්වන ලද සතිපතා භාවනා වැඩසටහන්
සංඛ්‍යාව තුන්සියහතලිහකට අධික ය.
අනුරාධපුර විහාරස්ථානයකට ත්‍රිපිටක ග්රන්ථ ප්රදානය කරන ලදී.
විශේෂ වැඩසටහන්
අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී අනුරාධපුර සදහම් සෙවණ විශේෂ උඳුවප් ශීල භාවනා වැඩසටහනක් පවත්වන
ලදී.
තොටවත්ත
දෙපොළ වෙනුවෙන් අනුරාධපුරයේ දී පින්කම්
කලාසූරී
ටයිටස් තොටවත්ත මහතාට සහ සුජාතා තොටවත්ත
මහත්මියට නිවන් සුව පතා අනුරාධපුරයේ දී පින්කම් දෙකක් පවත්වන
ලදී.
කලාසූරී
ලාල් ප්‍රෙමනාත් ද මැල් මහතා
සැමරේ
අභාවප්‍රාප්ත රාජ්‍ය සම්මානලාභී
ගත්කතුවරයකු වූ කලාසූරී ලාල් ප්‍රෙමනාත් ද මැල් මහතාට නිවන් සුව පැතීම අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැති 2017 අනුරාධපුර සදහම් සෙවණ වෙසක් පුන් පොහොය දෙදින වැඩසටහනේ දී සිදුකැරිණි.
අනුරාධපුර දිස්ත්‍රික් දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළ
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ සදහම් සෙවණ පුන් පොහොය
වැඩසටහන මඟින්
අරඹන ලද දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළ මඟින් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල පහලොවකට
පොත් පිරිනමා ඇත.
මෙම සියලු ම පරිත්‍යාග සිදු කරන
ලද්දේ සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහනට සහ භාවනා වැඩසටහන්වලට සහභාගි වන උවසු උවැසියන්,
සිල් මාතාවන් ඇතුලු පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙනි.
No comments:
Post a Comment