අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
2019 දුරුතු පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර
සදහම් සෙවණ 2019 දුරුතු පුන් පොහොය වැඩසටහන 2019 ජනවාරි මස 20 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින
සහ පසු දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී පැවැත්වේ.
මෙම පුන් පොහොය වැඩසටහනට බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී ගුණ විස්තරාත්මක ව
මෙනෙහි කරමින්
බුද්ධ
වන්දනාව කරන බුද්ධ පූජා තුනක් ඇතුළත් වේ. දුරුතු පුන් පොහෝ දින පෙරවරු
6.30ට, පස්වරු
6.30ට සහ පසු දින පෙරවරු
6.30ට මෙම
බුද්ධ පූජා පවත්වනු ලැබේ.
මෙම දුරුතු පුන් පොහොය වැඩසටහනට භාවනා වැඩසටහන් හතරක් ද ඇතුළත් වේ.
එදින පෙරවරු 8.00 සිට දහවල් 12.00
තෙක් පළමුවැනි
භාවනා වැඩසටහන පැවැත්වෙන අතර පස්වරු 2.00 සිට පස්වරු 6.00 තෙක්
දෙවැනි භාවනා වැඩසටහන ද පස්වරු 7.30 සිට පස්වරු 9.30 තෙක් තුන්වැනි භාවනා වැඩසටහන ද පවත්වනු ලැබේ.
2019 ජනවාරි
මස 21වැනි දා සතරවැනි භාවනා වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
භාවනා පුහුණු වීමට කැමැති අයට මෙම එක භාවනා වැඩසටහනකට හෝ භාවනා වැඩසටහන් කිහිපයකට හෝ භාවනා වැඩසටහන් සියල්ලට ම හෝ සහභාගි වීමට හැකි
ය.
භාවනා වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා
උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
වැඩ සටහන්වලට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය
සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද පොත් සහ ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
No comments:
Post a Comment