Tuesday, July 14, 2015

ESALA POYA WEDASATAHANA-SADAHAM SEWANA-Anuradhapura 2015

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

අනුරාධපුර සදහම් සෙවණ
පුන් පොහොය වැඩසටහන
2015 ඇසළ පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණ ඇසළ පුන් පොහොය වැඩසටහන 2015 ජූලි මස 31 දිනට යෙදෙන ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර වේලුවනගම අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම ඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ සටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙ‍ළේ සත්වැනි අදියර ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී ඇරැඹෙයි. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ.
මෙම 2015 අගෝස්තු මස 01වැනි දා, එනම් ඇසළ පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහ භාවනා වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.

No comments:

Post a Comment