Friday, August 19, 2016

NIKINI POYA PINKAM AUGUST 2016

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2016 නිකිණි පුන් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ නිකිණි පුන් පොහොය වැඩසටහන 2016 අගෝස්තු මස 17 දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ. 
මෙම නිකිණි පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙර පොහොය වැඩසටහනේ විශේෂත්නුයේ බුදුරජාණන් වහන්සේගේ සත්ථා දේවමනුස්සානං ගුණ විස්තරාත්මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
      2016 අගෝස්තු මස 18වැනි දා, එනම් නිකිණි පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.          
   පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් මොරටුවේ විසූ, පරලෝසැපත් විලියම් විජයතිලක මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ සෝමා විජයතිලක මහත්මියගේ අනූපස්වැනි ජන්ම දිනය වෙනුවෙන් එම දෙපොළට නිවන් සුව පතා දූ දරුවන් සහ ඥාතීන් විසින් සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනසහ භාවනා වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.

No comments:

Post a Comment