අනුරාධපුර සදහම්
සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
කලාසූරී ටයිටස් තොටවත්ත මහතාට
නිවන් සුව පතා
අනුරාධපුරයේ දී පින්කමක්
සිංහල
සිනමාවට සහ රූපවාහිනි මාධ්‍යයට සුවිශාල සේවයක් කළ කලාසූරී ටයිටස්
තොටවත්ත මහතා අභාවප්‍රාප්ත වී
වසර පහක් සපිරුණු
2016 ඔක්තෝබර් මස 15 දිනට යෙදුුණු වප් පුන් පොහෝ දින ඒ
මහතාටත්, සති තුනකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ බිරිඳ
වූ සුජාතා තොටවත්ත මහත්මියටත් නිවන් සුව පතා, අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පින්කමක්
පැවැත්විණි.
ධර්ම දේශනා, ධර්ම
සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද, පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වූ පින්වතුනට උපෝසථ ශීලය
රැකීමට අවශ්‍ය දානමාන සහ ගිලන්පස පිරිනැමීම ද
මෙම පින්කමට
ඇතුළත් විය.
අනුරාධපුර සදහම් සෙවණ
භාවනා මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ‘‘අපි පෙහෙවස් සමාදන්
වෙමු” දහම් පොතෙහි
තෙවැනි මුද්‍රණය අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියනට නොමිළයේ බෙදා දීම
ඇරැඹීම
ද මෙහි දී සිදුකැරිණි.
මෙම පින්කමෙහි දායකත්වය උසුලන ලද්දේ ටයිටස් තොටවත්ත මහතාගේ
ඥාති දියණියක විසිනිි.
අනුරාධපුර සදහම් සෙවණ
භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන්වලට සහභාගි වන උවසු උවැසියනට ‘‘අපි පෙහෙවස් සමාදන්
වෙමු”
දහම් පොත නොමිළයේ බෙදා දෙනු ලැබේ.
‘‘අපි පෙහෙවස් සමාදන්
වෙමු” දහම් පොතෙහි
තෙවැනි මුද්‍රණයෙහි මුල් පිටපත එම දහම් පොතෙහි සම්පාදක
රෝහිත විජයතිලක මහතා සහ
ටයිටස් තොටවත්ත මහතාගේ ඥාති දියණිය වන කුමුදු විජයතිලක
මහත්මිය úසින් ශ්‍යාමෝපාලි
මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවරකලාවියේ
ප්‍රධාන සංඝනායක,
රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත රුවන්වැලි
චෛත්‍යාරාමයේ දී පිළිගන්වන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ.