Sunday, November 13, 2016

අනුරාධපුර සදහම් සෙවණ 2016 ඉල් පුන් පොහොය වැඩසටහන 2016 නොවැම්බර් මස 14

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2016 ඉල් පුන් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ ඉල් පුන් පොහොය වැඩසටහන 2016 නොවැම්බර් මස 14 දිනට යෙදෙන ඉල් පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම ඉල් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙර පොහොය වැඩසටහනේ විශේෂත්නුයේ බුදුරජාණන් වහන්සේගේ හාදී ගුණ විස්තරාත්මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන් පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ. මෙර දාන දායකත්වය අනුරාධපුර ගීතානි පතිරණ මහත්මියගෙනි.
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පසවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක්පැවැත්වේ.
2016 නොවැම්බර් මස 15වැනි දා, එනම් ඉල් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
     මෙවැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
මෙවැඩසටහන්වල සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.

No comments:

Post a Comment