අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
2017
ඇසළ පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර
සදහම් සෙවණ ඇසළ පුන් පොහොය වැඩසටහන 2017 ජූලි මස 8 දිනට
යෙදෙන ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී පෙරවරු
6.00 සිට පස්වරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම ඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම
දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩසටහනට
සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී
පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
දුර බැහැර සිට පුන්
පොහොය වැඩසටහනට
සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා
පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් ද පැවැත්වේ.
2017 ජූලි මස 9වැනි දා, එනම් ඇසළ පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම්
සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා
උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
වැඩසටහන්වලට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස්
කරන ලද ධර්ම පත්‍රිකා සහ දහම් පොත් බෙදා දෙනු ලැබේ.
මෙම වැඩසටහන්වලට සහභාගි වීම වෙනුවෙන් කිසි
ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
No comments:
Post a Comment