අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල
කලාපයSunday, January 31, 2016
Buddhanussathi Bhavana
අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල
කලාපය
Buddhanussathi Bhavana
බුද්ධානුස්සති භාවනාව
බුද්ධානුස්සති
භාවනාවෙහි යෙදීම සඳහා ඊට ගැළපෙන, සුදුසු ස්ථානයක
හිඳගන්න. බුදු මැඳුරක නම් වඩාත් සුදුසු යි. නැතහොත් බුදු පිළිම වහන්සේ නමක්
ඉදිරිපිට හෝ යටත් පිරිසෙයින් බුදු රුවක් ඉදිරිපිට
හිඳගතහොත් වඩා පහසු වීමට පිළිවන. පිරිමියකු නම් බද්ධ පර්යංකයෙන්
(එරමිණියා ගොතාගෙන) ද ස්ත්‍රියක නම් අර්ධ පර්යංකයෙන්
(දෙපා පසුපසට නවාගෙන) ද නම් වඩාත් හොඳ යි. පළමු ව බුදුරජාණන් වහන්සේට වන්දනා කර
බුදු පිළිම වහන්සේ හෝ බුදු රුව දෙස බලාගෙන බුදුගුණ සිහි කරන්න. නැතහොත් දැකපුරුදු, වඩාත්
පැහැදීමක් ඇති බුදුපිළිම වහන්සේ නමක් හෝ බුදු රුවක් සිහියට නගාගෙන බුදුගුණ මෙනෙහි
කරන්න. කෙමෙන් සිත එකඟ වන විට දෑස පියාගෙන බුදු පිළිම වහන්සේ හෝ බුදු රුව සිහියෙහි
තබාගෙන පහත සඳහන් ආකාරයට මෙනෙහි කරමින් භාවනා කරන්න.
මාගේ
ගුරු තිලෝගුරු සම්මා
සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහ නම් වන සේක. ඒ කෙලෙසුන් නැසූ
මාගේ අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේ වා!
අරහං
සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තර පුරිසදම්මසාරථී
සත්තාදේවමනුස්සානං බුද්ධෝ භගවා
භගවා
බුද්ධෝ සත්තාදේවමනුස්සානං අනුත්තර පුරිසදම්මසාරථී ලෝකවිදූ සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මාසම්බුද්ධෝ අරහං
අරහං
අරහං
අරහං
. . .
මේ ආකාරයට අරහං ගුණය මෙනෙහි කරමින්
වීර්යයෙන් යුතු ව භාවනා කරන්න.
භාවනාවෙහි
ඉදිරියට යාමට කැමැති පින්වතුන් හොඳ ගුරුවරයකුගේ මඟ පෙන්වීම ලබාගැනීම සුදුසු ය.
- භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
Tuesday, January 19, 2016
Maithree Bhawana
අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල
කලාපය
මෙත් බවුන්
වඩමු
සැනසීම ලබමු
බ්‍රහ්ම
විහාර හතරෙන් පළමුවැන්න මෛත්‍රී භාවනාව යි. මෛත්‍රියෙහි නියම තේරුම ද්වේෂය රහිත බව
යනුවෙන් අංගුත්තර අටුවාවෙහි සඳහන් වේ. මෛත්‍රිය යනු අව්‍යාපාදය බව පාලි - සිංහල
අකාරාදියෙන් ද පෙනේ.
නැවත
නැවත සිහි කරන විට ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදය උපදින විට ප්‍රීතිය උපදියි. එවිට කය
සංසිඳෙයි. කය සංසිඳෙන විට සුව විඳියි. එවිට සිත එකඟ වෙයි. එය භාවනාව වෙයි.
බුදුදහම
අදත් පවතී. බුදු දහම සාන්දෘෂ්ඨික (තමා විසින් දැකිය හැකි) ය, අකාලික (කල් නොයවා
විපාක ලැබේ) ය, ඒහි පස්සික (පැමිණ බලන්න ය යි දැක්වීමට සුදුසු) ය, ඕපනයික (තමන් තම
සිත්වල දැරිය යුතු) ය.
බුදුදහම
අදටත් වලංගු වන අතර, කෙනකුට වුවමනා නම් බුදුදහමට අනුකූල ව ක්‍රියාකිරීමෙන්, ජීවත්
වීමේ දී අත්විඳීමට සිදු වන විවිධ දුක් කරදර මඟහරවා ගෙන ජීවිතය සාර්ථක කර ගත හැකි
ය. යටත් පිරිසෙයින් සිහිපත් වන හැම මොහොතක ම 'සුවපත් වේ වා, සුවපත් වේ වා' ය යි
මෙනෙහි කිරීම පවා ප්‍රයෝජනවත් වේ.
උදෑසන
අවදි වූ මොහොතේ පටන්, දත් මදින, මුහුණ සෝදන, ඇවිදින, වාහනයක වාඩි වී සිටින ආදී
වශයෙන්, නිදාගැනීමට ඇඳට ගොඩ වී නින්ද යන තෙක් ම, 'සුවපත් වේ වා, සුවපත් වේ වා' ය
යි මෙනෙහි කළ හැකි වාර ගණන අපමණ බවත්, එසේ මෙනෙහි කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන
අසීමිත බවත් ඔබට ප්‍රායෝගික ව අත්දැකීමට පිළිවන.
නිවීම,
සැනසීම, සංසිඳීම හෙවත් නිවන කරා යනු කැමැතියනට, ඒ සඳහා මෛත්‍රී භාවනාව උපයෝගි කරගත
හැකි ය.
අසුරු සනක් පමණ
කලක්
මෙත් සිත
පුරුදු කරයි නම්
—මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සනක් පමණ කාලයක් මෛත්‍රී චිත්තය පුරුදු කරයි
නම්, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය
පරිදි කරන්නේ, අවවාද පිළිපදින්නේ, රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ
අනුභව කරන්නේ ය යි කියනු ලැබේ. යමකු එය බහුල ව කරත් නම් කියනුම කවරේ ද.˜
(අංගුත්තර
නිකාය 1හි ඒකක නිපාතයෙහි ප්‍රභාස්වර වර්ගයෙහි තෙවැනි සූත්‍රයෙනි.) (1.6.3)
අසුරු සනක් පමණ
කලක්
මෙත් සිත වඩයි
නම්
—මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සනක් පමණ කාලයක් මෛත්‍රී චිත්තය වඩයි නම්, මහණෙනි,
ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය පරිදි කරන්නේ,
අවවාද පිළිපදින්නේ, රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ අනුභව කරන්නේ ය
යි කියනු ලැබේ. යමකු එය බහුල ව කරත් නම් කියනුම කවරේ ද.˜
(අංගුත්තර
නිකාය 1හි ඒකක නිපාතයෙහි ප්‍රභාස්වර වර්ගයෙහි සිවුවැනි සූත්‍රයෙනි.) (1.6.4)
අසුරු සනක් පමණ
කලක්
මෙත් සිත
මෙනෙහි කරයි නම්
—මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සනක් පමණ කාලයක් මෛත්‍රී චිත්තය මෙනෙහි කරයි
නම්, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය
පරිදි කරන්නේ, අවවාද පිළිපදින්නේ, රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ
අනුභව කරන්නේ ය යි කියනු ලැබේ. යමකු එය බහුල ව කරත් නම් කියනුම කවරේ ද.˜
(අංගුත්තර
නිකාය 1හි ඒකක නිපාතයෙහි ප්‍රභාස්වර වර්ගයෙහි පස්වැනි සූත්‍රයෙනි.) (1.6.5)
දානයට වඩා මහත්
ඵල
—මහණෙනි, යමකු පෙරවරුවෙහි මහ බත් සැළි සියයක් දන් දෙන්නේ ද, මද්දහනෙහි මහ
බත් සැළි සියයක් දන් දෙන්නේ ද, පස්වරුවෙහි මහ බත් සැළි සියයක් දන් දෙන්නේ ද,
—යමකු පෙරවරුවෙහි යටත් පිරිසෙයින් ගෝ දෝනා (දෙනගේ තනපුඩු එක වරක් අදින) කල්
පමණක් මෙත් සිත් වඩන්නේ ද, මද්දහනෙහි ගෝ දෝනා කල් පමණක් මෙත් සිත වඩන්නේ ද,
පස්වරුවෙහි ගෝ දෝනා කල් පමණක් මෙත් සිත් වඩන්නේ ද,
—මෙය ඒ දානයට වඩා මහත් ඵල ය.˜
(සංයුත්ත නිකාය
2හි ඔපම්ම සංයුත්තයෙහි ඔක්ඛාසත සූත්‍රයෙනි.) (8.1.4)
අමනුෂ්‍යයාට
පෙළිය නොහැකි යි
—යමකු මෙත්තා චේතෝ විමුක්තිය වඩන ලද ද, බහුල කරන ලද ද, යානයක් මෙන් කරන ලද
ද, වාස්තුවක් මෙන් කරන ලද ද, එළඹ සිටියක් කරන ලද ද, පුරුදු කරන ලද ද, බලවත් සේ
අරඹන ලද ද, අමනුෂ්‍යයකු ඔහුගේ සිත පෙළිය යුතු ය යි සිතන්නේ නම්, ඒ අමනුෂ්‍යයා
වෙහෙසීමට, විඩාවට පත් වන්නේ ය.˜
(සංයුත්ත නිකාය
2හි ඔපම්ම සංයුත්තයෙහි සත්ති සූත්‍රයෙනි.) ( 8.1.5)
මෙත් වැඩීමෙහි
ආනිශංස
සේවනය
කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් කරන ලද, වාස්තුවක් මෙන් කරන ලද, එළඹ
සිටියක් කරන ලද, පුරුදු කරන ලද, බලවත් සේ අරඹන ලද, මෛත්‍රීසහගත චිත්ත විමුක්තියෙහි
ආනිශංස එකොළොසක් වෙයි.
කවර
එකොළොසක් ද යත්,
1. සුවසේ නිදයි.
2. සුවසේ පුබුදියි.
3. පවිටු සිහින නො දකියි.
4. මිනිසුනට ප්‍රිය වෙයි.
5. අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි.
6. දේවතාවෝ රකිති.
7. ගිනි හෝ විස හෝ ආයුධ හෝ නො වදියි.
8. වහා සිත එකඟ වෙයි.
9. මුහුණ ඉතා ප්‍රසන්න වෙයි.
10. මුළාවට නොපැමිණ කළුරිය කරයි.
11. මත්තෙහි ඵල ප්‍රතිවේධ නොකළහොත් බඹලොව උපදියි.
(අංගුත්තර නිකාය 6හි ඒකාදසක
නිපාතයට අයත් අනුස්සති වර්ගයෙහි මෙත්තානිසංස
සූත්‍රයෙනි.) (11.2.5)
මෙසේ මෙත්
බවුන් වඩන්න
අපගේ ඇසට මෙන් ම සිතට ද, නිරතුරු මිනිස්සු ද සත්තු ද
ගෝචර වෙති. ඉතින්, පණ ඇති රුවක් ඇසට පෙනුණු, සිතට නැඟුණු හැම විට ම, තම ඇසට, සිතට
ගෝචර වූ සත්ත්වයා —සුවපත් වේ වා˜ ය යි මෙත් සිත පහළ කරගන්න.
ඒ සත්ත්වයා ලොකු
වුවත්, කුඩා වුවත්, උස වුවත්, මිටි වුවත්, දුර වුවත්, ළඟ වුවත්
මෙත් සිතේ වෙනසක් කරගත යුතු නැත.
සිටින හෝ ඇවිදින හෝ හිඳින හෝ
වැතිර සිටින හෝ හැම විට ම මෙසේ මෙත් සිත පහළ කරගැනීමට උත්සාහවත් වන්න.
ජීවිතයේ ගැටලුවලට මුහුණපෑමට
සිදු වන විට, ඔබේ භාවනා කමටහන (භාවනා පදය) තුළින් ඒ දෙස බලා විසඳුම් ලබාගැනීමට
උත්සාහ කරන්න.
ජීවිතයත්, භාවනාවත්, භාවනා
පදයත් එකක් කරගැනීමට වෑයම් කරන්න.
විවේකී වේලාවල, විවේකී ව,
සුදුසු පරිසරයක පහසු ඉරියව්වකින් හිඳ, හැකි වේලාවක් තමාට ම මෛත්‍රී කරමින් මෛත්‍රී
භාවනාවෙහි යෙදෙන්න.
ඒ සඳහා, මම සුවපත් වෙම් වා
ය යි මෙනෙහි කරනු වෙනුවට, තමා ගැන සිහියේ තබාගෙන, සුවපත් වේ වා ය යි මෙනෙහි
කරමින්, ඒ මඟින් සිත එකඟ කරගන්න.
භාවනා කිරීම යනු වචන හෝ වචනයක් හෝ සිතෙන් කියමින් සිටීම නොවන බැවින්, වචන
ඉක්මවූ සිතේ එකඟ බව ඇති වන තෙක් වීර්යයෙන් භාවනාවෙහි යෙදෙන්න.
උදේ අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක් කරන, මුහුණ සේදීම, ආහාර ගැනීම,
ගමන් කිරීම ආදී සැම කටයුත්තක් ම හැකිතාක් ඔබේ භාවනා පදය මෙනෙහි කරමින් ම සිදු
කරන්න.
ඔබේ භාවනාව, භාවනා කිරීමට හිඳගත් ආසනයට පමණක් සීමා නොකර ජීවිතය පුරාවට ම
එකතු කරගන්න.
සුදුසු ගුරු ඇසුර ලැබීමෙන්,
මෛත්‍රී භාවනාවෙන් අරඹා, ජීවිතයේ දුක නිවාගැනීමට කටයුතු කිරීම නුවණැත්තනට පහසුවෙන්
කළ හැකි වනු ඇත.
Monday, January 18, 2016
Me Poyata Sil Gannata
අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ ම තැනට
යන්න
බුදු හිමියන් දෙසූ දහම
හරිහැටි දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන මෙන්න
2016 ජනවාරි මස 23 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන දුරුතු පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
පුන් පෝ
දින
පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
9.00 –10.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
10.30 – 11.00 බුද්ධ පූජාව
පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
2.00 – 2.30 ශීල ආවර්ජනය,
2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
4.00 – 5.00 ධර්ම
දේශනය - රෝහිත විජයතිලක මහතා,
5.15 – 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
7.30 – 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
8.30 – 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ
දිනට පසු දින
පෙරවරු.
5.00 – 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.00 – සිල්
පවාරණය .
පෙරවරු 8.00 –10.00 භාවනා
වැඩසටහන
Subscribe to:
Posts (Atom)