Monday, January 18, 2016

DURUTHU POYA PINKAM JANUARY 2016

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
පුන් පොහොය වැඩසටහන
2016 දුරුතු පුන් පෝ දා

අනුරාධපුර සදහම් සෙවණ දුරුතු පුන් පොහොය වැඩසටහන 2016 ජනවාරි මස 23 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම දුරුතු පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
සදහම් සෙවණ භාවනා වැඩසටහන
2016 ජනවාරි මස 24
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී
2016 ජනවාරි මස 24වැනි දා, එනම් දුරුතු පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. 
 

No comments:

Post a Comment