අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල
කලාපය
Buddhanussathi Bhavana
බුද්ධානුස්සති භාවනාව
බුද්ධානුස්සති
භාවනාවෙහි යෙදීම සඳහා ඊට ගැළපෙන, සුදුසු ස්ථානයක
හිඳගන්න. බුදු මැඳුරක නම් වඩාත් සුදුසු යි. නැතහොත් බුදු පිළිම වහන්සේ නමක්
ඉදිරිපිට හෝ යටත් පිරිසෙයින් බුදු රුවක් ඉදිරිපිට
හිඳගතහොත් වඩා පහසු වීමට පිළිවන. පිරිමියකු නම් බද්ධ පර්යංකයෙන්
(එරමිණියා ගොතාගෙන) ද ස්ත්රියක නම් අර්ධ පර්යංකයෙන්
(දෙපා පසුපසට නවාගෙන) ද නම් වඩාත් හොඳ යි. පළමු ව බුදුරජාණන් වහන්සේට වන්දනා කර
බුදු පිළිම වහන්සේ හෝ බුදු රුව දෙස බලාගෙන බුදුගුණ සිහි කරන්න. නැතහොත් දැකපුරුදු, වඩාත්
පැහැදීමක් ඇති බුදුපිළිම වහන්සේ නමක් හෝ බුදු රුවක් සිහියට නගාගෙන බුදුගුණ මෙනෙහි
කරන්න. කෙමෙන් සිත එකඟ වන විට දෑස පියාගෙන බුදු පිළිම වහන්සේ හෝ බුදු රුව සිහියෙහි
තබාගෙන පහත සඳහන් ආකාරයට මෙනෙහි කරමින් භාවනා කරන්න.
මාගේ
ගුරු තිලෝගුරු සම්මා
සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහ නම් වන සේක. ඒ කෙලෙසුන් නැසූ
මාගේ අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේ වා!
අරහං
සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තර පුරිසදම්මසාරථී
සත්තාදේවමනුස්සානං බුද්ධෝ භගවා
භගවා
බුද්ධෝ සත්තාදේවමනුස්සානං අනුත්තර පුරිසදම්මසාරථී ලෝකවිදූ සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මාසම්බුද්ධෝ අරහං
අරහං
අරහං
අරහං
. . .
මේ ආකාරයට අරහං ගුණය මෙනෙහි කරමින්
වීර්යයෙන් යුතු ව භාවනා කරන්න.
භාවනාවෙහි
ඉදිරියට යාමට කැමැති පින්වතුන් හොඳ ගුරුවරයකුගේ මඟ පෙන්වීම ලබාගැනීම සුදුසු ය.
- භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
No comments:
Post a Comment