අනුරාධපුර සදහම් සෙවණ
පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
2016 වප්පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර සදහම් සෙවණ වප් පුන් පොහොය වැඩසටහන 2016 ඔක්තෝබර් මස 15 දිනට
යෙදෙන වප් පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව,
වේලුවනගම අංක 38හි අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම වප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා,
භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙවර පොහොය වැඩසටහනේ විශේෂත්වය වනුයේ බුදුරජාණන් වහන්සේගේ භගවා
ගුණය විස්තරාත්මක ව
මෙනෙහි කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය
සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන
පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.
2016 ඔක්තෝබර් මස 16වැනි දා, එනම් වප් පුන් පොහොය
දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා
වැඩසටහනක් පැවැත්වීමට
ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතා විසිනි.
මෙම වැඩසටහන්වලට සහභාගි
වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර දානමාන,
නවාතැන් ආදී සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.