Thursday, October 27, 2016

අනුරාධපුර සදහම් සෙවණ 2016 වප් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන  
අන්තර්ජාල කලාපය

අනුරාධපුර සදහම් සෙවණ
2016 ප්
පුන් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ වප් පුන් පොහොය වැඩසටහන 2016 ඔක්තෝබර් මස 15 දිනට යෙදෙන ප් පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම අංක 38හි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසරු 6.00 තෙක් පැවැත්වේ.

මෙම ප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙර පොහොය වැඩසටහනේ විශේෂත්නුයේ බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණ විස්තරාත්මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පසරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.
2016 ඔක්තෝබර් මස 16වැනි දා, එනම් ප් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
මෙවැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
මෙවැඩසටහන්වලට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර දානමාන, නවාතැන් දී සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.

No comments:

Post a Comment