Friday, October 14, 2016

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහනට දෙවසරක් සපිරෙන වග යි

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන  
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
පුන් පොහොය වැඩසටහන
දෙවසරක් සපිරෙන වග යි
අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙ අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන 2016 ඔක්තෝබර් මස 15 දිනට යෙදෙන ප් පුන් පොහෝ දින වසර දෙකක් සම්පූර්ණ වේ.
පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසරු 6.00 තෙක් පැවැත්වෙ සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහනට අමතර ව දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පසරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් පැවැත්වෙයි.
සැම පුන් පොහොය දිනට පසු දිනක ම පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
සතිපතා භාවනා වැඩසටහන් සෙනසුරාදා දිනවපෙරවරු 9 සිට පෙරවරු 11  දක්වා පැවැත්වේ.
මෙම වැඩසටහන් වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී මේ වන විට දසදින භාවනා වැඩසටහන්, සත්දින භාවනා වැඩසටහන්, සයදින භාවනා වැඩසටහන් සහ සිවුදින භාවනා වැඩසටහන් පවත්වා . පවත්වන ලද සතිපතා භාවනා වැඩසටහන් සංඛ්‍යාව දෙසියයකට අධික.
වැඩසටහන්වලට සහභාගි වන්නන් සඳහා දානමාන සහ නේවාසික දී සියලු පහසුකම් නොමිළයේ ලබාදෙන අතර කිසිදු කාරයක මුදල් අයකිරීමක් නොමැත.  
පුන් පොහොය වැඩසටහනට සහ භාවනා වැඩසටහන්වලට සහභාගි වන පින්වතුන ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් පිළියෙළ කරන ලද දහම් ත්‍ සහ දහම් පොත්‍ නොමිළයේ බෙදා දෙනු ලැබේ.
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන මඟින් අරඹන ලද දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙ මඟින් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල හයකට රුපියල් පණස්දහසකට ආසන්න වටිනාකමක් ති පොත්‍ පිරිනමා .
අනුරාධපුර විහාරස්ථානයකට රුපියල් දහහතරදහසක් වටිනා ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රදානය කරන ලදී.
අනුරාධපුර ආයුර්වේද රෝහලට සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවට බෙහෙත් ඇසුරුම් කට්ටල කිහිපයක් පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාග සිදු කරන ලද්දේ සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන්වලට සහභාගි වන උවසු උවැසියන්, සිල් මාතාවන් ඇතුලු පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙනි.

No comments:

Post a Comment