අනුරාධපුර සදහම් සෙවණ
පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
.
සුජාතා තොටවත්ත මහත්මිය වෙනුවෙන්
අනුරාධපුරයේ දී පින්කමක්
සිංහල සිනමාවට
සහ රූපවාහිනි මාධ්‍යයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ කලාසූරී ටයිටස්
තොටවත්ත මහතාගේ බිරිඳ වූ සුජාතා තොටවත්ත
මහත්මිය අභාවප්‍රාප්ත වී
සත් දිනක් ගත වීම නිමිත්තෙන් ඒ මහත්මිය වෙනුවෙන් අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
මෙහෙයවීමෙන් අනුරාධපුරයේ දී පින්කමක් පැවැත්විණි.
ලංකාරාමයේ දී පවත්වන ලද මෙම පින්කමෙහි දායකත්වය උසුලන ලද්දේ ටයිටස් තොටවත්ත මහතාගේ
ඥාති දියණියක විසිනිි.
මෙහි දී ලංකාරාම චෛත්‍යය
අබියස දී බුද්ධ පූජාවක් පවත්වා ලංකාරාම විහාරස්ථානයේ දී සංඝගත දක්ෂිණාවක් පිරිනමන
ලදී.
ශ්‍යාමෝපාලි
මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම
දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ලංකාරාමාධිකාරි පූජ්‍ය
රලපනාවේ ධම්මජෝති
නාහිමිපාණන් වහන්සේ මෙහි
දී අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ:
‘‘මේ
අටමස්ථානයේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්මල
පිරිසිදු සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන්නේ. යමෙක් බුද්ධ පූජා පවත්වනවා නම්,
වඳිනවා
නම්,
පුදනවා නම්,
මලක්,
පහනක් පූජා කරනවා
නම් ඒ ආනිශංස තමන්ට
ලැබෙනවා.
‘‘අද
මේ යුතුකමක්,
තමන්ගේ ඥාතිවරිය, ටයිටස් තොටවත්ත මැතිතුමාගේ දයාබර බිරිඳ සුජාතා
තොටවත්ත මැතිණිය වෙනුවෙන්
ඉටු කරන්නේ. මුලු රට ම ටයිටස් තොටවත්ත මැතිතුමා කිවුවා ම දන්නවා.
එතුමා ශ්‍රෙෂ්ඨ කලාකරුවකු
වශයෙන් අපේ රටේ කීර්තියක්
දැරුවා. අද ඒ ගෙවල්වල මහා දාන දෙනවා.
අද මෙතැනත් සාංඝික දානයක්
දෙනවා. මේ පින් මෙයට දින හතකට පෙර අභාවප්‍රාප්ත
වූ
සුජාතා තොටවත්ත මැතිණියටත්, අවුරුදු පහකට පෙර අභාවප්‍රාප්ත
වූ ටයිටස් තොටවත්ත මැතිතුමාටත් අත් වේ වා කියා ප්‍රාර්ථනා
කරනවා.”
අනතුරු ව චීවර පරිෂ්කාර පූජාවක්
ද පවත්වන ලදී.
ටයිටස් තොටවත්ත මහතාගේ ඥාති දියණිය ලංකාරාමාධිකාරි පූජ්‍ය
රලපනාවේ ධම්මජෝති
නාහිමියනට චීවර පරිෂ්කාර පූජා කරද්දී
අනුරාධපුර
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා ද
එයට එක් වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
No comments:
Post a Comment