අන්තර්ජාල කලාපය
2016 ඉල්
ioyï fijK 233jeks oyïm;
දුකත් සැප යි
මා
විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා ප්‍රදේශයෙහි කුණ්ඩධාන
වනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුප්පවාසා කෝලිය දුව සත්වසක් ගැබ දරන්නී, ගැබ සරසට වැටී සත් දවසක් ගත විය. ඇය දුක් වූ, බලවත් වූ, තියුණු වූ, කටුක වූ වේදනාවෙන් පෙළුණී සිතිවිලි තුනකින් ඉවසන්නී ය:
‘මෙබඳු දුක දුරු කිරීමට ධර්මය
දේශනා කරන ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධ ය. මෙබඳු දුක දුරු
කිරීමට පිළිපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ඒකාන්තයෙන් මනා ව පිළිපන්නේ
ය. යම් තැනක මෙබඳු දුකක් නැද්ද ඒ නිවන මනා සැපයකි’ යි.
ඉක්බිති සුප්පවාසා කෝලිය දුව ස්වාමියා ඇමතුවා ය:
“ආර්ය පුත්‍රය, ඔබ එන්න. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි යන්න. ගොස් මගේ වචනයෙන් භාග්‍යවතුන්
වහන්සේගේ පා හිසෙන් වඳින්න. රෝග නැති බව, නිරෝගි බව, සැහැල්ලු පැවතුම් ඇති බව, ශරීර ශක්තිය, පහසු විහරණ ඇති බව විමසන්න. මෙසේ ද කියන්න: “ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව
සත්වසක් ගැබ දරන්නී, ගැබ සරසට වැටී සත් දවසක් ගත විය. ඇය
දුක් වූ, බලවත් වූ, තියුණු වූ,
කටුක වූ වේදනාවෙන් පෙළුණී සිතිවිලි තුනකින් ඉවසන්නී ය:
‘මෙබඳු දුක දුරු කිරීමට ධර්මය
දේශනා කරන ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධ ය. මෙබඳු දුක දුරු
කිරීමට පිළිපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ඒකාන්තයෙන් මනා ව පිළිපන්නේ
ය. යම් තැනක මෙබඳු දුකක් නැද්ද ඒ නිවන මනා සැපයකි’ යි.”
“මැනවැ
යි” ඒ කෝලිය පුත්‍රතෙම
සුප්පවාසා කෝලිය දුවට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට ගියේ ය. ගොස්
භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ කෝලිය පුත්‍රතෙම භාග්‍යවතුන්
වහන්සේට මෙය සැළ කළේ ය:
“ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව භාග්‍යවතුන් වහන්සේගේ පා හිසෙන් වඳින්නී ය. රෝග නැති
බව, නිරෝගි බව, සැහැල්ලු පැවතුම්
ඇති බව, ශරීර ශක්තිය, පහසු විහරණ
ඇති බව විමසන්නී ය. මෙසේ ද කියන්නී ය:
“ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව සත්වසක් ගැබ දරන්නී, ගැබ
සරසට වැටී සත් දවසක් ගත විය. ඇය දුක් වූ, බලවත් වූ,
තියුණු වූ, කටුක වූ වේදනාවෙන් පෙළුණී
සිතිවිලි තුනකින් ඉවසන්නී ය:
‘මෙබඳු දුක දුරු කිරීමට ධර්මය
දේශනා කරන ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධ ය. මෙබඳු දුක දුරු
කිරීමට පිළිපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ඒකාන්තයෙන් මනා ව පිළිපන්නේ
ය. යම් තැනක මෙබඳු දුකක් නැද්ද ඒ නිවන මනා සැපයකි’ යි.”
“සුප්පවාසා
කෝලිය දුව සුවපත් වේ වා,
නිරෝගි වේ වා, නිරෝගි පුතකු වදාවා”
යි භාග්‍යවතුන් වහන්සේගේ වචනය සමඟ
ම සුප්පවාසා කෝලිය දුව සුවපත් වූවා, නිරෝගි වූවා, නිරෝගි පුතකු වැදුවා ය.
“එසේ ය, ස්වාමීනි” යි ඒ කෝලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු ව, අනුමෝදන් ව, හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ
පැදකුණුකොට සිය ගෙදරට ගියේ ය.
සුප්පවාසා
කෝලිය දුව සුවපත් ව,
නිරෝගි ව, නිරෝගි පුතකු වැදූ බව කෝලිය
පුත්‍රතෙම දුටුවේ ය. දැක ඔහුට මේ අදහස වී ය: ‘තථාගතයන් වහන්සේගේ මහත් සෘද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව පින්වතුනි, ආශ්චර්ය යි, පින්වතුනි, පුදුම යි. මේ සුප්පවාසා කෝලිය දුව
භාග්‍යවතුන් වහන්සේගේ වචනය සමඟ ම සුවපත්
වූවා,
නිරෝගි වූවා, නිරෝගි පුතකු වැදුවා ය’ යි සතුටු සිත් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, ප්‍රීතිය සහ සොම්නස ඇත්තේ විය.
ඉක්බිති
සුප්පවාසා කෝලිය දුව ස්වාමියා ඇමතුවා ය: “ආර්ය
පුත්‍රය, ඔබ එන්න. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි යන්න. ගොස් මගේ වචනයෙන්
භාග්‍යවතුන් වහන්සේගේ පා හිසෙන් වඳින්න, “ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව
භාග්‍යවතුන් වහන්සේගේ පා හිසෙන් වඳින්නී ය” යි.
මෙසේ ද කියන්න: “ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව සත්වසක් ගැබක් දැරුවා,
සත් දවසක් ගැබ සරස් ව සිටියා ය. ඈ දැන් සුවපත් වූවා, නිරෝගි
වූවා, නිරෝගි පුතකු වැදුවා ය’ යි. ඈ සත් දවසක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට බතෙන්
ආරාධනා කරන්නී ය. ස්වාමීනි,
භාග්‍යවතුන් වහන්ස, සුප්පවාසා කෝලිය දුවගේ
බත් සත භික්ෂු සංඝයා සමඟ
පිළිගන්නාසේක් වා” යි.
“මැනවැ යි”
ඒ කෝලිය පුත්‍රතෙම සුප්පවාසා කෝලිය දුවට උත්තර දී භාග්‍යවතුන්
වහන්සේ යම් තැනෙක ද එතැනට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.
එකත්පසෙක සිටි ඒ කෝලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
“ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව භාග්‍යවතුන් වහන්සේගේ පා හිසෙන් වඳින්නී ය. මෙසේ ද
කියන්නී ය: “ස්වාමීනි, සුප්පවාසා කෝලිය දුව සත්වසක් ගැබක් දැරුවා,
සත් දවසක් ගැබ සරස් ව සිටියා ය. ඈ දැන් සුවපත් වූවා, නිරෝගි
වූවා, නිරෝගි පුතකු වැදුවා ය’ යි. ඈ සත් දවසක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට බතෙන්
ආරාධනා කරන්නී ය. ස්වාමීනි,
භාග්‍යවතුන් වහන්ස, සුප්පවාසා කෝලිය
දුවගේ බත් සත භික්ෂු සංඝයා සමඟ
පිළිගන්නාසේක් වා” යි.
එකල්හි
වනාහී එක්තරා උපාසකයකු විසින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට හෙට සඳහා බතෙන් ආරාධනා
කරන ලද්දේ වෙයි. ඒ උපාසකතෙමේ ද ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ
උපස්ථායකයකු වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්
වහන්සේ ඇමතූසේක:
“මොග්ගල්ලාන, ඔබ එන්න. ඒ උපාසකයා යම් තැනෙක ද එහි යන්න. ගොස් ඒ උපාසකයාට මෙසේ කියන්න:
“ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුව සත්වසක් ගැබක් දැරුවා,
සත් දවසක් ගැබ සරස් ව සිටියා ය. ඈ දැන් සුවපත් වූවා, නිරෝගි
වූවා, නිරෝගි පුතකු වැදුවා ය. ඈ සත් දවසක් බුද්ධ ප්‍රමුඛ
භික්ෂු සංඝයාට බතෙන් ආරාධනා කරන්නී ය. සුප්පවාසා කෝලිය දුව බත් සත පවත්වා වා. ඔබ
පසු ව පවත්වන්නැ” යි. හේ ඔබගේ උපස්ථායකයෙකැ” යි.
“එසේ ය, ස්වාමීනි” යි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු
දී, ඒ උපාසකයා යම් තැනෙක ද එතැනට වැඩියහ. වැඩමකොට ඒ
උපාසකයාට මෙය කීහ: “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුව සත්වසක් ගැබක් දැරුවා,
සත් දවසක් ගැබ සරස් ව සිටියා ය. ඈ දැන් සුවපත් වූවා, නිරෝගි
වූවා, නිරෝගි පුතකු වැදුවා ය. ඈ සත් දවසක් බුද්ධ ප්‍රමුඛ
භික්ෂු සංඝයාට බතෙන් ආරාධනා කරන්නී ය. සුප්පවාසා කෝලිය දුව බත් සත පවත්වා වා. ඔබ
පසු ව පවත්වන්නැ” යි.
“ස්වාමීනි, ඉදින් මට ආර්ය මහාමොග්ගල්ලාන තෙරුන් වහන්සේ ධනය ද ජීවිතය ද ශ්‍රද්ධාව ද
යන ධර්ම තුනට ඇප වන්නේ නම් සුප්පවාසා කෝලිය දුව බත් සත පවත්වා වා. මම පසු ව
පවත්වන්නෙමි.”
“ඇවැත්නි, ධනය ද ජීවිතය ද යන ධර්ම දෙකට මම ඇප වන්නෙමි. ශ්‍රද්ධාවට වනාහි ඔබ ම ඇප
වන්න.”
“ස්වාමීනි, ඉදින් මට ආර්ය මහාමොග්ගල්ලාන තෙරුන් වහන්සේ ධනය ද ජීවිතය ද යන ධර්ම
දෙකට ඇප වන්නේ නම් සුප්පවාසා කෝලිය දුව බත් සත පවත්වා වා. මම පසු ව පවත්වන්නෙමි.”
ඉක්බිති
ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් වහන්සේ ඒ උපාසකයාට දන්වා භාග්‍යවතුන් වහන්සේ යම්
තැනෙක ද එතැනට වැඩියහ. වැඩමකොට භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ: “ස්වාමීනි, මා විසින් ඒ උපාසකයාට
දන්වන ලදී. සුප්පවාසා කෝලිය දුව බත් සත පවත්වා වා. හෙතෙම පසු ව පවත්වන්නේ ය” යි.
ඉක්බිති
සුප්පවාසා කෝලිය දුව සත්දිනක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා ප්‍රණීත ආහාරපානවලින්
සියතින් සන්තර්පණය කළා ය. මනාකොට පවරා දුන්නී ය. ඒ දරුවා ලවා භාග්‍යවතුන් වහන්සේ ද
සියලු භික්ෂු සංඝයා ද වැන්දවී ය.
ඉක්බිති
ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ ඒ දරුවාට මෙසේ කීහ: “කිමෙක් ද දරුව, ඔබට ඉවසිය හැකි ද?
කිමෙක් ද යැපිය හැකි ද? කිමෙක් ද කිසි
දුකක් නැද්දැ” යි.
“සාරිපුත්ත ස්වාමීන් වහන්ස, මට ඉවසීමක් කොයින් ද, යැපීමක් කොයින් ද.
සත්වසක් ලේ සැළියක විසුවෙමි.”
එකල්හි
සුප්පාවාසා කෝලිය දුව ‘මගේ පුතා ධර්ම සේනාපතීන් වහන්සේ
සමඟ කථා කරන්නේ ය’ යි සතුටු සිත් ඇත්තී, ප්‍රමුදිත
වූවා, ප්‍රීතිය සහ සොම්නස ඇත්තී වූවා ය.
ඉක්බිති
භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත් ඇති, ප්‍රමුදිත වූ,
ප්‍රීතිය සහ සොම්නස ඇති සුප්පවාසා කෝලිය දුව දැක සුප්පවාසා කෝලිය
දුවට මෙය වදාළසේක:
“සුප්පවාසා, ඔබ තවත් මෙබඳු පුතකු කැමැති වන්නෙහි ද?”
“ස්වාමීනි, මම මෙබඳු පුතුන් සත්දෙනකු කැමැත්තෙමි.”
ඉක්බිති
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය වදාළ සේක.
“අමිහිරි දෑ මිහිරි ස්වභාවයෙනුත්,
අප්‍රිය
දෑ ප්‍රිය ස්වභාවයෙනුත්,
දුක
සැප ස්වභාවයෙනුත්
ප්‍රමාදී
පුද්ගලයා ඉක්මවයි.”
(ඛුද්දක නිකාය 1හි උදානපාළියෙහි 2. මුචලින්ද
වර්ගයෙහි 8. සුප්පවාසා සූත්‍රයෙනි.)
ilia lf<a frdays; úch;s,l
wkqrdOmqr" WK.iajej" fõ¿jk.u" wxl 38"
ioyï fijK Ndjkd uOHia:dkh
ÿr( 011 571 8840" 077 021 5583'
No comments:
Post a Comment