අනුරාධපුර
සදහම් සෙවණ
පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර ලංකාරාමයේ දී
කප්රුක්
පූජාවක්
අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් අනුරාධපුර ලංකාරාමයේ දී කප්රුක්
පූජාවක් පැවැත්විණි.
ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ලංකාරාමාධිකාරි පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නාහිමිපාණන්
වහන්සේගේ අනුශාසනා පරිදි සහ අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතාගේ උපදෙස් පරිදි පැවැති මෙම පින්කමෙහි
දී ලංකාරාම චෛත්‍යරාජයන් වහන්සේට කප්රුක
පළඳවා අෂ්ටපාන සහ චතුමධුර සහිත බුද්ධ පූජාවක් ද පිරිනමන ලදී.
අනුරාධපුර සදහම් සෙවණ
භාවනා මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත් කරන ලද නවතම
දහම් පොත ‘ලංකාරාමය
සහ චෛත්‍ය පූජාව’
එම දහම් පොතෙහි
සම්පාදක රෝහිත විජයතිලක මහතා විසින්
ලංකාරාමාධිකාරි පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නාහිමිපාණන්
වහන්සේ වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුකැරිණි.
මෙම පින්කම්
සිදු කරන ලද්දේ
සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහනට සහ භාවනා වැඩසටහන්වලට
සහභාගි වන උවසු උවැසියන්, සිල් මාතාවන් ඇතුලු
පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙනි.
ලංකාරාම
විහාරස්ථානයේ සිට කප්රුක් පළඳනාව
පෙරහරින් චෛත්‍යරාජයන් වෙත රැගෙන ආ අයුරු සහ ‘ලංකාරාමය සහ චෛත්‍ය
පූජාව’
දහම් පොතෙහි මුල්
පිටපත රෝහිත විජයතිලක මහතා විසින්
ලංකාරාමාධිකාරි පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නාහිමිපාණන්
වහන්සේ වෙත පිළිගන්වන ලද අයුරු
No comments:
Post a Comment